Monday, August 7, 2017

බලාගෙනයි ඇල්ලුවොත් චු විදි හොදේ...

බිත්තර වලින් ජිවිතේ ආරම්භ කරන මෙයාලා සති 7කින් ඒ කියන්නේ දවස් 49කින් ජීවත්වෙන්න අවස්ථාව උදා කරගන්නවා. ඒ වගේම 20'C උෂ්ණත්වයක් මේ බිත්තර වැඩෙන්න ඕනි වෙනවා.




                     ඉතිං මෙයාල දවස් 49කින් කොහොමද ලොකු වෙන්නේ කියල දැන් අපි බලමු
       
 1 දවස - ආරක්‍ෂිත තෙත් සහිත ස්ථානයක, ගැහැණු ගෙම්බෙක් තම බිත්තර ගුද මාර්ගය  හරහා එලියට මුදා හැරීම සිදු කරයි.මෙහිදී බිත්තර 100කට අසන්න ගණනක් මුදා හැරීම සිදුවේ.
                    පැය 24ක් ගෙවෙනවත් එක්කම මේ පොකුරු වගේ තියන බිත්තර වල සෛල බෙදිලා වෙනමම හැදෙන්න ගන්නනවා.




 2 දවස - ටිකෙන් ටික කොදු ඇටපේළිය (Spinal cord) හැදෙනවා වගේම මොළෙත්(Brain) හැදෙන්න පටන් ගන්නවා..ඒ වගේම ක්‍රමයෙන් වැඩෙන කොදු ඇටපේළියටයි,මොළෙටයි ආරක්ෂාව සදහා අවේනික ජෙලි වර්ගයක් දකින්නට පුළුවන්
      ඉතිං මේ වෙනකොට හුගක් බිත්තර වර්ධනය වෙන්න (Develop) පටන් අරගෙන..  



3දවස -සාමාන්‍ය වශයෙන් මේ වෙනකොට අයලගේ නැට්ට වර්ධනය වෙන්න පටන් අරගෙන. වගේම කිටයෝ විදිහට මෙයාල ටිකෙන් ටික ක්‍රියාශීලි (Active) වෙන්න පටන් අරගෙන..




6දවස - දැන් මෙයාල ඉක්මනින් වැඩෙන්න  පටන් අරගෙන එත් තාමත් වර්ධනය නොවුණු බිත්තරත් තියෙන්න පුළුවන්, වගේම දැන් මෙයාලගේ හම වර්ධනය වෙනගමන් අතිරේක අවයව හැදෙන්න පටන් අරගෙන 

7,8දවස් -දැන් මේ වෙනකොට මෙයාලා  සම්පුර්ණයෙන් සුහුබුල් කිටයෝ වගේම හොදට වතුරේ ඇවිදින්න පුළුවන් විදිහට වර්ධනය වෙලා ඉවරයි..


9,10 දවස් - දැන් මෙයාල තනියම පෝෂණය වෙන්න පටන් අරගෙන වගේම එයාලට ඕනි කෑම හොයන නිසා  මෙයාලා මේ වෙනකොට  කාර්යයබහුල වෙලා හුගක්..
දැන් මෙයාලගේ දිග කිව්වොත් 12-14mm විතර වෙනවා 



11,12 දවස් - එයාල ගේ හදවත (Heart) වැඩ කරවා අපිට මේ වෙනකොට බලගන්න පුළුවන්.ඒ වගේම මේ වෙනකොට හොදට වර්ධනය උන සුහුබුල් කිටයන්ගේ දිග 17mm වෙනවා.




16,21දවස් - මේ වෙනකොට තමන්ගේ කෑම එයාල තනියම හොයගෙන්න කන්න පටන් අරගෙන.
ඒ වගේම කෑම හොයාගන්න පුදුම තරගයක් තියෙන්නේ.




24,29 දවස් - මේ වෙනකොට 25mm  දිගක් දකින්න පුළුවන් මෙයාලගේ අත පය දැන් හොදට බලාගන්න පුළුවන්.

38,44දවස් - 30mm දැන් දිග මෙයාලා දැන් හොදට කකුල් දිග ඇරලා පීනන්න පටන් ගන්න කාලේ  ඒ වගේම කටේ ඇතුලේ කොටස් දැන් හැදිලා දන් කටෙන් හුස්ම ගන්නත් පටන් ගන්න කලේ.



45,49දවස් -දැන් සුළු සුළු ආහාර කන එක නවත්තලා සාමාන්‍යයෙන් ගෙම්බෙක් කන කම දැන් කන්න පටන් අරගෙන. දැන් ඉතිං දැන් මෙයාල තව දුරටත් පොඩි පැටවූ නෙමයි දැන් නම් මෙයාල ගෙම්බෝම තමයි..






    Kingdom:Animalia
Class:Amphibia

No comments:

Post a Comment