Monday, August 7, 2017

බලාගෙනයි ඇල්ලුවොත් චු විදි හොදේ...

බිත්තර වලින් ජිවිතේ ආරම්භ කරන මෙයාලා සති 7කින් ඒ කියන්නේ දවස් 49කින් ජීවත්වෙන්න අවස්ථාව උදා කරගන්නවා. ඒ වගේම 20'C උෂ්ණත්වයක් මේ බිත්තර වැඩෙන්න ඕනි වෙනවා.




                     ඉතිං මෙයාල දවස් 49කින් කොහොමද ලොකු වෙන්නේ කියල දැන් අපි බලමු
       
 1 දවස - ආරක්‍ෂිත තෙත් සහිත ස්ථානයක, ගැහැණු ගෙම්බෙක් තම බිත්තර ගුද මාර්ගය  හරහා එලියට මුදා හැරීම සිදු කරයි.මෙහිදී බිත්තර 100කට අසන්න ගණනක් මුදා හැරීම සිදුවේ.
                    පැය 24ක් ගෙවෙනවත් එක්කම මේ පොකුරු වගේ තියන බිත්තර වල සෛල බෙදිලා වෙනමම හැදෙන්න ගන්නනවා.




 2 දවස - ටිකෙන් ටික කොදු ඇටපේළිය (Spinal cord) හැදෙනවා වගේම මොළෙත්(Brain) හැදෙන්න පටන් ගන්නවා..ඒ වගේම ක්‍රමයෙන් වැඩෙන කොදු ඇටපේළියටයි,මොළෙටයි ආරක්ෂාව සදහා අවේනික ජෙලි වර්ගයක් දකින්නට පුළුවන්
      ඉතිං මේ වෙනකොට හුගක් බිත්තර වර්ධනය වෙන්න (Develop) පටන් අරගෙන..  



3දවස -සාමාන්‍ය වශයෙන් මේ වෙනකොට අයලගේ නැට්ට වර්ධනය වෙන්න පටන් අරගෙන. වගේම කිටයෝ විදිහට මෙයාල ටිකෙන් ටික ක්‍රියාශීලි (Active) වෙන්න පටන් අරගෙන..




6දවස - දැන් මෙයාල ඉක්මනින් වැඩෙන්න  පටන් අරගෙන එත් තාමත් වර්ධනය නොවුණු බිත්තරත් තියෙන්න පුළුවන්, වගේම දැන් මෙයාලගේ හම වර්ධනය වෙනගමන් අතිරේක අවයව හැදෙන්න පටන් අරගෙන 

7,8දවස් -දැන් මේ වෙනකොට මෙයාලා  සම්පුර්ණයෙන් සුහුබුල් කිටයෝ වගේම හොදට වතුරේ ඇවිදින්න පුළුවන් විදිහට වර්ධනය වෙලා ඉවරයි..


9,10 දවස් - දැන් මෙයාල තනියම පෝෂණය වෙන්න පටන් අරගෙන වගේම එයාලට ඕනි කෑම හොයන නිසා  මෙයාලා මේ වෙනකොට  කාර්යයබහුල වෙලා හුගක්..
දැන් මෙයාලගේ දිග කිව්වොත් 12-14mm විතර වෙනවා 



11,12 දවස් - එයාල ගේ හදවත (Heart) වැඩ කරවා අපිට මේ වෙනකොට බලගන්න පුළුවන්.ඒ වගේම මේ වෙනකොට හොදට වර්ධනය උන සුහුබුල් කිටයන්ගේ දිග 17mm වෙනවා.




16,21දවස් - මේ වෙනකොට තමන්ගේ කෑම එයාල තනියම හොයගෙන්න කන්න පටන් අරගෙන.
ඒ වගේම කෑම හොයාගන්න පුදුම තරගයක් තියෙන්නේ.




24,29 දවස් - මේ වෙනකොට 25mm  දිගක් දකින්න පුළුවන් මෙයාලගේ අත පය දැන් හොදට බලාගන්න පුළුවන්.

38,44දවස් - 30mm දැන් දිග මෙයාලා දැන් හොදට කකුල් දිග ඇරලා පීනන්න පටන් ගන්න කාලේ  ඒ වගේම කටේ ඇතුලේ කොටස් දැන් හැදිලා දන් කටෙන් හුස්ම ගන්නත් පටන් ගන්න කලේ.



45,49දවස් -දැන් සුළු සුළු ආහාර කන එක නවත්තලා සාමාන්‍යයෙන් ගෙම්බෙක් කන කම දැන් කන්න පටන් අරගෙන. දැන් ඉතිං දැන් මෙයාල තව දුරටත් පොඩි පැටවූ නෙමයි දැන් නම් මෙයාල ගෙම්බෝම තමයි..






    Kingdom:Animalia
Class:Amphibia

Saturday, August 5, 2017

දවස් හැට හතයි ,ලොකුම මල ඉවරයි.

දවස් 67 කින් ජිවිතේ පටන් අරගෙන දවස් 67 කින් තමන්ගේ ජිවිතේ ඉවරවෙනවා කියල දන්න මේ මල වෙන කවුරුත් නෙමෙයි RAFFLESIA FLOWER (රැෆ්ලේෂියා මල )


එක කොළයක්වත් දකින්න නැති මේ මලේ කුණු වෙච්ච මස් ගදක් නම් එනවා.ඒ ගදට ඉතින් මැස්සෝ මේ මල හොයාගෙන එනවා.මැස්සෝ එන්න එන්නම මේ මලේ කාලයත් ඉවරවෙනවා ඒ උනත් දවස් 67 කින් මේ මලේ ජිවත් වෙන කලෙත් ඉවරවෙනවා ..


   
මේ මලේ කාලෙත් ඉවරවෙනවා එක්කම ටිකෙන් ටික මේ මල කළු පාටක් ගහලා කුණු වෙනවා ..

දන්නවද ඊට පස්සේ...
කුනුවෙච්ච මලේ මැරිච්ච සෛල ඔක්කොම එකතු වෙලා තවත් මලක් හැදෙනවා... 















අයියෝ ඕනිම දේ ඔයාලට කියන්න බැරි උනානේ 
මේ මල තමයි දැනට ලෝකේ තියෙන ලොකුම මල





Scientific name: Rafflesia
Higher classification: Rafflesiaceae


Wednesday, August 2, 2017

පුංචියට හිටියත් මාර විසක්නේ මෙයාලට තියෙන්නේ ..


 අර කතාවකුත් තියෙන්නේ පූංචි උනත් හරිම සරයි ගම්මිරිස් ඇටේ කියලා .                                                      භයානක හා වේදනාකාරී කෘමින් කට්ටියක් ගැනයි මං අද පෙන්නන යන්නේ


ලස්සන දේවල් තුලත් අපි නොදකින බයානක කමක් තියනවා ....

තමන්ගේ ලස්සනයි ,සුවදයි  පාවිච්චි කරලා  තමන්ට අවශ්‍ය ගොදුර සොයා ගන්න අමුතුම කට්ටියක් ගැනයි මම අද ඔයාලට පෙන්නන්න යන්නේ.....

      ඉතිං බලන්නකෝ මෙයාල කපටි කමින් අයලගේ කෑම හොයාගන්න විදිහ ...


Thursday, July 20, 2017

සුන්දර මුහුදු පතුලේ බිහිසුණු අත්දකිම්

අපුර්වත්වයෙන් විවිධත්වයට තුලින් අද මම ගේන්නේ ඔයාලට මහා මුහුදේ තියන සුන්දරත්වය ගැන නම් නෙමෙයි...

ඒ අපි නොදකින බිහිසුණු අතදැකිම් ගැනයි..



Tuesday, July 18, 2017

පුදුම හිතෙන සාගරයෙන් පුදුම හිතෙන දේවල් ගැන අපි සොයලා බලමු

අපුර්වත්වයෙන් විවිධත්වයට තුලින් අද අපි ගෙන්න යන්නේ

 මුහුදේ ජීවත්වෙන බිහිසුණු සතුන් ගැනයි...